විශ්වවිද්‍යාලයට වරම් ලැබූ 23,500 දෙනෙකුට නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව හෙට (08දා) ගන්නෝරුව විදුලි හා ඉංජිනේරු පුහුණු පාසලේදී ආරම්භ වේ.
අදියර තුනක් යටතේ මෙම පිරිසට පුහුණුව ලබාදීමට නියමිත අතර, මේ අනුව පළමු කණ්ඩායම හෙට සිට 27 වැනිදා දක්වාත්, දෙවැනි කණ්ඩායම ඔක්තෝබර් 04 වැනිදා සිට ඔක්තෝබර් 30 වැනිදා දක්වාත්, තෙවැනි කණ්ඩායම ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 21 වැනිදා දක්වාත් පැවැත්වේ.