මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් මුදල් විශුද්ධි කරණය යටතේ පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (01) විභාගයට ගැනිණු අතර එය දෙසැම්බර් 8 තෙක් කල් තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
හෙලෝ කෝප් ආයතනයේ හා එන්.ආර් කන්සල්ටන් සමාගම් වලින් රුපියල් මිලියන 45 ක අයථා මුදල් ගණු දෙණුවක් කළැයි මෙලෙස නඩු පවරා ඇති අතර සැකකරුවන් 6 දෙනා අතරින් විදේශගතව සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන සැකකරුවන් දෙදෙනාට නැවත් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළේය.