යහපාලනය ඉදිරියට ගෙන යෑමට පැමිණි යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙන්ම දිවයින පුරා මැතිවරණ නීතිරීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, හම්බන්තොට පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ණය ලබාදෙනවා, ඉඩම් බෙදනවා, සිමෙන්ති කොට්ට බෙදනවා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාද දැනුවත් කර තිබෙනවා. අදාළ ආයතන සියල්ලම දැනුවත් කරලා තියෙනවා. නමුත් ඒ අයගේ ස්වාධීනත්වය තියෙන්නේ ආණ්ඩුවට පමණද, ආණ්ඩුවට විරුද්ධව සටන් කරන අපට ඒ ස්වාධීනත්වය නැද්ද? අපි ආණ්ඩුවට කියනවා කප්පම් දීලා ඡන්ද කොල්ලකන්න ලෑස්ති වෙන්න එපා කියලා.
අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන්, පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මැතිවරණයක් පවතින කාලය තුළ මේ ඉඩම් බෙදීම, සිමෙන්ති කොට්ට බෙදීම කරුණාකරලා නතර කරන්න කියලා. මේ වනවිට සර්ව සාධාරණ මැතිවරණයක් පවත්වන්න තියෙන පරිසරය මේ ආණ්ඩුව නැති කරනවා."
