නාමලගේ ප්‍රකාශයට මහින්ද නීතිපතිට පැමිණිලි කරයි
පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඇප ලබාගැනීමෙන් අනතුරුව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස තමන් නීතිපතිට පැමිණිලි කරන බව එක්සත් ජනතා නිහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
හම්බන්තොට පැවැති විරෝධතාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිරිස අතරමින් අට දෙනෙකුට ඊයේ ඇප හිමිවිය.
මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට ඇප ලබාදෙන ලෙස විරෝධය දක්වමින් ලියවිල්ලක් මහින්ද අමරවීර මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට ඔවුහු චෝදනා කළහ.
එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය නමුත් තමා ඉදිරිපත් කර ඇති ලියිවිල්ල කුමක්දැයි සෙවීම හා එහි සත්‍ය අසත්‍යභාවය සොයා බැලීම නීතිපති දෙපාර්තමෙන්තුවේ වගකීම බවද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස පසුගිය කාලසීමාව පුරාම විවිධ ප්‍රකාශ කරමින් තම ප්‍රතිරූපය විනාශ කිරීමට උත්සාහ කළ බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

