නාමයෝජනා ලැයිස්තු අර්බුදය උග්‍රවෙයි
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා ලැයිස්තු සකස්කිරීමේ අර්බුදය උග්රවීම හේතුවෙන් ප්‍රධාන පක්ෂ සියල්ලටම සම්බන්ධ බොහෝ අපේක්ෂකයන් නාමයෝජනා නොලැබීමෙන් පක්ෂ හැරයෑමට හෝ ස්වාධීන වීමට තීරණය කර ඇතැයි 'අද'ට වාර්තාවේ.
පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී අදාළ ප්‍රමාණයට වඩා විශාල සංඛ්‍යාවක් අපේක්ෂකත්වය ඉල්ලා ඇති අතර, එම සියලුම පුද්ගලයන්ට අපේක්ෂකත්වය ලබාදීමට නොහැකිවීම තුළ මෙම තත්ත්වය හටගෙන තිබේ.
ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ මේවනවිට පෙරමුණ වශයෙන් හෝ සන්ධාන වශයෙන් තරගකිරීමට තීරණය කර ඇති අතර, ඒ හේතුවෙන් කුඩා පක්ෂ රැසක් මේවටා එක්ව තිබේ. එම සියලු පක්ෂවලට අපේක්ෂකත්වය ලබාදීමට නොහැකිවීමෙන් මෙලෙස අර්බුදයට ලක්ව සිටින බව වාර්තාවේ.
සිය පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබාදෙන බවට පෙරදී පොරොන්දු වූපුද්ගලයන්ට නාමයෝජනා සැකසීමේදී අපේක්ෂකත්වය ලබානොදීමද මෙම තත්ත්වයට හේතු වී ඇත.
සන්ධාන හෝ පෙරමුණ වශයෙන් තරගකිරීමේදී එක්එක් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තම කෝටාව වැඩිකරගැනීමට දරන උත්සාහය හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්රවන ලකුණු පහළ වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රීලංකා නිදහස් පක්ෂය,ඒකාබද්ධ විපක්ෂ, දෙමළ ජාතික සන්ධානය යන සියලුම පක්ෂ මෙම අර්බුදයට මුහුණදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


