නානුඔය ආපන ශාලාවකට පැමිණි නාඳුනන පුද්ගලයෙකු එහි හිමිකරුට ඊයේ (26දා) වෙඩි තබා පළාගොස් ඇතැයි පේරාදෙණිය පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ සංඡිව බංඩාර හේරත් (30) නැමැති එක්දරු පියෙකි.
වෙඩි පහරින් තුවාල ලද ආපන ශාලා හිමිකරු පේරාදෙණිව ශික්ෂණ රෝහලට ගෙන යන අවස්ථාවේදිම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. එහි සේවය කරන ආපන ශාලාවේ සේවකයෙකු පැවැසුයේ යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබු පුද්ගලයා මුහුණ සම්පුර්ණයෙන් ආවරණය වන ලෙස දැමු හෙල්මටයක් පැළද සිටි බවත් ඉදිරියෙන් ඇති මහනුවර පේරාදෙණි මාර්ගයේ ඔවුන් පැමිණි යතුරු පැදිය නවතා එක් අයෙකු ආපන ශාලව වෙත පැමිණ වෙඩි තබා පළා ගිය බවයි.