අභියෝග මැද වුවදනව ව්‍යවස්ථාවට සහාය දක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේදී කියා සිටියේය.
ප්‍රධාන ලේකම්වරයා මේ බව කියා සිටියේ යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී ඊයේ (08දා) රාත්‍රියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහිදී ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ,
"ආණ්ඩුව ඉතා පැහැදිලිව කියලා තියනාවා ලංකාවේ බුද්ධාගමට තිබුණු තැන වෙනස් කරන්නෙත් නැහැ, අනෙක් ආගම්වලට තිබුණු තැන වෙනස් කරන්නෙත් නැහැ කියලා. ඒ අතර ඒකීයද, නැතිනම් සන්ධීයද කියලා වචන අල්ලගෙන දැන් විවිධ සාකච්ඡා පටන් අරන් තියෙනවා.
අපි හිතනවා දැන් මේක තමයි ලංකාවේ පළමු අවස්ථාව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරල ජනතාවගේ අදහසුත් අරගෙන, ජනමත විචාරණයකින් සම්මත කරගන්න යන. ඒ නිසා අපට වාදයක් තිබිය යුත්තේ වචන අල්ලගෙන නෙමෙයි. ඒ වෙනුවට ව්‍යවස්ථාව ඇතුළෙන්, ව්‍යවස්ථාවේ හරයෙන් ජනතාවට දිනාගන්න පුළුවන් අයිතිවාසිකම් මොනවද කියලා සාකච්ඡා කරනවා මිසක් වචන අල්ලගෙන සාකච්ඡා කරන එකෙන් වෙන්නේ ජනතාවට ලැබෙන අයිතිවාසිකමත් නැති වෙන එකයි
.අපි හිතන්නේ මේ තියෙන අභියෝග මැද වුවත් ව්‍යවස්ථාව සම්මත කරගත්තොත් හොඳයි කියලා. ඒ වෙනුවෙන් අපි මැදිහත්වෙනවා වගේම අපි හිතනවා කිසිම පළාත් දෙකක් ඒකරාශී කළ යුතු නැහැ කියලත්” යනුවෙනි.