ඒකාබද්ධ විපක්ෂය කුමන චෝදනා සිදුකළද, අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ බිය විය යුතු නැතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
හෙතෙම මේ බව පැවසුවේ, බියගම ප්‍රදේශයේ ඊයේ (25දා) පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
රට තුළ බුදුදහමට හිමි ප්‍රමුඛතාව අහිමි කරමින් රට දෙකඩ කිරීමක් යෝජිත නව ව්‍යවස්ථාව මගින් සිදුවන බවට පැවසීම දේශපාලන වාසි අපේක්ෂාවෙන් සිදුකරන ද්වේශ සහගත ප්‍රකාශයක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.