නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද (20දා) අරලියගහ මැදුරේදී දිවුරුම්දී තිබේ.
එහිදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ.එච්.එම්.ඩී නවාස් මහතා නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දි තිබේ.
එමෙන්ම, මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මියද අභියාචනාධිකරණ විනිසුරුවරියක වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.