නවීන්ට ජානිපෙන් අභියෝගයක්
ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ හිටපුඅමාත්‍ය නවීන් දිසානායක මහතාට හැකිනම් නියරක මීටර් 10 ක් ඇවිද ගොස් පෙන්වන ලෙසට තමන් අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකමධ්යම පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පැවසීය.
අද(14) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
“නවීන් දිසානායක‘ගෙඹි පිම්මක්’ පැන්නා. ඔහු ඉතාමත් අකාර්යක්ෂම, අදක්ෂ මහජන නියෝජිතයකු ලෙසයි ගෙවීගිය කාලය තුළ කටයුතු කළේ. නවීන් දිසානායක අද කියනවා, ‘මට ප්‍රතිපාදන ලැබුණෙ නැහැ. වැඩ කරන්න දුන්නෙ නැහැ’ කියා. නුවරඑළියේ අහිංසක ගොවි ජනතාවගේ ඡන්දය කොල්ලකාලා 2010 දි පාර්ලිමේන්තු ගිහිල්ලා, කොළඹට වෙලා වරප්‍රසාද වරදාන භුක්ති විඳපු නවීන් දිසානායකට මම අභියෝග කරනවා, ‘හැකිනම් නියරක මීටර් 10ක් ඇවිදගෙන ගිහිල්ලා පෙන්වන්න’ කියලා. එයා ආපසු එක්සත් ජාතික පක්ෂයට ගියේ ඊළඟ පාර්ලිමේන්තු ඡන්දයේදී සන්ධානයෙන් ඉල්ලුවොත් ‘කුජීත’ වන බව දැනගෙනයි. නවීන් දිසානායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල සේවයක් කරපු ගාමිණී දිසානායක මහත්තයාගේ පුතෙක්ද?’ කියන සැකය ජනතාව තුළ ඇති වී තිබුණු තත්ත්වයක් මතයි ඔහු මේ ගෙඹි පිම්ම පැන්නේ” යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

