නව තානාපතිවරු 6 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (9දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය අක්තපත්ර පිළිගැන්වූහ.
එසේ ජනාධිපතිවරයා වෙත අක්තපත්ර පිළිගැන්වූ තානාපතිවරු අතර, එස්තෝනියා ජනරජය, කොලොම්බියා ජනරජය, ඊශ්රායලය, බල්ගේරියා ජනරජය, වියට්නාමය සහ ලාඕසය නියෝජනය කරන තානාපතිවරු වූහ.