නයිජීරියානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම් සිදුවන මේ අවස්ථාවේදී එරට හිටපු හමුදා පාලක මුහම්මදූ බුහාරි ඉදිරියෙන් පසුවන බවත්, වත්මන් ජනපති ගුඩ්ලක් ජොනතන් පසුබැස ඇති බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත්, එරට වැඩි ජනඝනත්වයක් ඇති ඇතැම් ප්රාන්තවල තවමත් ඡන්ද ගණන් කිරීම් සිදුවන නිසා අවසන් ප්රතිඵලය සම්බන්ධයෙන් නිවැරදි විනිශ්චයක් ලබාදිය නොහැකි බව මැතිවරණ නිරීක්ෂකයන් පවසයි.
කෙසේ වෙතත් මේ වනවිට එරට ප්රාන්තවලින් අඩකට වඩා මේ වනවිට ඡන්ද ගණන් කිරීම අවසන් ව ඇති අතර, බුහාරි මිලියන දෙකක පමණ ඡන්ද ප්රමාණයකින් ඉදිරියෙන් සිටින බවද වාර්තා වෙයි.