දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දොඩන්දුව හා තංගල්ල ධීවරයින්ට හානි සිදුව ඇති බව වාර්තා වේ.
දොඩන්දුවේ සිට මුහුදු බලා ගිය ධීවර යාත්‍රා තුනක් අතුරුදන්ව ඇති අතර එහි වු ධීවරයින් පිරිසක් නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණ ඇති අතර එක් අයෙක් මරණයට පත්ව තිබේ. එමෙන්ම තංගල්ලෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් ද අතුරුදන්ව ඇති අතර තංගල්ල වෙරළට ධීවර මළ සිරුරක් ගොඩ ගසා ඇති බව ධීවර අධ්යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතා පවසයි. කෙසේ වුවද තද සුළං හේතුවෙන් ගාල්ල හා මාතර රේඩියෝ සංඥා ගොඩනැගිලිවලට ද හානි සිදුව තිබේ.
ධීවර දෙපාර්තමේන්තුව පවසන්නේ අද හා හෙට (01) දින දෙක තුළ ද මෙම කාලගුණික තත්ත්වය බලපැවැත්විය හැකි බැවින් සියලුම ධීවරයින් මුහුදු යාමෙන් වළකින ලෙසයි. එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාළගුණික වාර්තා කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.