සොරකම් කරන ලද අලි පැටවෙකු බව දැන එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට ධර්ම ප්රචාරක කටයුතු සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (12දා) අවසර දුන්නේය.
ධර්ම ප්රචාරක කටයුතු සඳහා වැඩම කරන ලෙස උඩුවේ ධම්මාලෝක හිමියන්ට ලෝකයේ විවිධ රටවල සිටින බෞද්ධයන්ගෙන් ආරාධනා ලැබී ඇති හෙයින් ඒ සඳහා විදේශගත වීමට අවසර දෙන්නැයි උන්වහන්සේගේ නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ලබන ජනවාරි මස 18 වැනිදා තෙක් විදේශගත වීමට මෙලෙස අවසර දුන්නේය.
ඒ අනුව අද (12දා) සිට ලබන ජනවාරි මස 18 වැනිදා තෙක් ඇමෙරිකාව, තායිලන්තය ඇතුළු රටවලට ධර්ම ප්රචාරක කටයුතු සඳහා වැඩම කිරීමට විනිසුරුවරයා උඩුවේ ධම්මාලෝක හිමියන්ට අවසර දුන්නේය.