ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කර තිබෙන නව දේශීය ආදායම් පනත පරාජය කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මෙම බදු පනත හරහා මෙතෙක් බදු සහන හිමි වූ ජනතාව එම සහනය අහෝසි වී නව බදු පැනවෙන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාදීම වෙනුවෙන් මෙම නව දේශීය ආදායම් පනත ඉදිරිපත් කර තිබෙන බවද අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තුව තුළදී මෙම පනත සම්මත කර ගැනීමට කටයුතු කළද, එය ක්‍රියාත්මක වීම පරාජය කිරීම සඳහා ජනතාව පෙළගස්වා නීති මගින් කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පවසා සිටියේය.