වර්තමානය වන විට දේශපාලඥයා වෙනුවට දේශපාලකයා යන නම භාවිත කිරීමේ වර්ධනයක් පවතින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, කුඹුක්වැව "ජයනදගම" සහ "සැළමුතුගම" යන උදා කළ ගම්මාන ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“සමහරුන් දේශපාලඥයා යන නාමය වෙනුවට දේශපාලුවා යන නාමය භාවිත කරනවා. ඒ නාමය භාවිත කිරීම එන්න එන්නම වර්ධනය වනවා. ඒ නිසා නැවත වරක් දේශපාලුවා නොව දේශපාලඥයා යන ගෞරව නාමය ලබා ගන්නට අප කටයුතු කළ යුතුයි. එය එසේ මෙසේ දෙයක් නොවෙයි. වැඩියෙන් නිදිවරන්නට, අව්වේ ඇවිදින්නට, පොදු ජනතාවට සමීප වන්නතට අපට සිදු වෙනවා. මේකප් දේශපාලනය අපි ළඟ නෑ.” යැයි ද පවසා සිටියේය.