රටේ තරුණ පරපුරට යහපත් සමාජයක් සහ යහපත් රටක් ගොඩනගාදීමට සියලුදෙනා සාමුහිකත්වයෙන් වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (31දා) පස්වරුවේ නිකවැරටිය පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවති ,ජාතික යොවුන් පුරය 2018, සමාප්ති උත්සවය අමතමිනි.
වර්තමානයේදී ලොව දියුණු රටවල් එම දියුණුව කරා ළඟාවී ඇත්තේ සියලුදෙනා රට වෙනුවෙන් පොදු අරමුණක් යටතේ කටයුතු කිරීම නිසා බවද ජනපතිවරයා සඳහන් කළේය.
එබැවින් පෞද්ගලික න්‍යාය පත්‍රවලින් බැහැරව රට වෙනුවෙන් පොදු න්‍යාය පත්‍රයක් ඔස්සේ සියලු දේශපාලන නායකයින් මෙන්ම සියලු දේශපාලන සංවිධාන කටයුතු කිරීමේ වැදගත් බවත් කියා සිටියේය.
මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ රටේ තාරුණ්‍යයේ අපේක්ෂාවන් මුදුන් පත් කිරීම වෙනුවෙන් රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බවද ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.