දේශපාලන ඉලක්ක වෙනුවෙන් බුදුදහම යොදාගැනීම වරදක්
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සිල් රෙදි බෙදූ බවට නීතියෙන් ඔප්පුවී ඇති අතර ඒ අනුව බෙදා ඇත්තේ සිල් රෙදි නොව ජනාධිපතිවරණ මනාප රෙදි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සිල්රෙදි බෙදාදීමේ තීන්දුව තමන් ලබාදුන්බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුලදීම පිළිගත්තානම්නිලධාරීන්ට දඬුවම්විඳීමට සිදු නොවන බවද අමාත්‍යවරයා පැවසුවේ, සූරියවැව ප්‍රදේශයේ පසුගියදා (15දා) පැවැති උත්සවයකදීය.
දේශපාලන ඉලක්ක වෙනුවෙන් බුදුදහම යොදාගැනීම වරදක් බවද පැවසූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
&අද බොහෝ දෙනෙක් කතාබහ කරන ප්‍රධාන මාතෘකාව වන්නේ සිල් රෙදි නඩුවයි. අප නියම බෞද්ධයන්. මගේ පියා සෑම උදාගම්මානයක් පාසා චෛත්‍යයක් ඉදිකළා. මාළිගාවිල බුදු පිළිමය නගා සිටුවා, දළදා මාලිගාවේ රන් වියන ඉදිකළා. අප සෑමවිටම බෞද්ධාගම සුරකිනවා. බුදු දහම ප්‍රවර්ධනය වෙනුවෙන් සිල්රෙදි බෙදාදීම වරදක් නෙවෙයි. නමුත් මොවුන් බෙදුවේ සිල් රෙදි නෙමෙයි ජනාධිපතිවරණ මනාප රෙද්දක්. මෙය සිදුකළේ මැතිවරණ කාලසීමාව තුළයි. සිල් රෙදි බෙදාදීම දේශපාලනීකරණය කිරීම සදාචාර සම්පන්න දැයි මා ඔබෙන් විමසනවා. දේශපාලන ඉලක්ක වෙනුවෙන් බුදු දහම යොදා ගැනීම වරදක්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

