ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
දේශපාලනය තුළ බෙදීම් ඇති විය යුත්තේ ආගම්වාදීන් ජාතීවාදීන් ලෙස නොව ආණ්ඩුවක් ආර්ථිකමය සහ සමාජීය ප්‍රශ්න විසඳනවාද නැතිද යන්න මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. ජාතිවාදය ආගම්වාදය නොමැතිව ශ්‍රී ලාංකික අනන්‍යතාව තුළ ඉදිරියට යා හැකි රටක් ගොඩනැගීමට කැපවන ලෙසද අගමැතිවරයා ඉල්ලීමක් කළේය.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් අද (12දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැති උත්සවයට සභභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සියලුම කාන්තා පාසල් තුළ බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ කළ යුතු බවත්,මීළඟ වසර පහ තුළ බාලදක්ෂිකා ව්‍යාපාරය දිවයින තුළ ව්‍යාප්ත කරන ආකාරය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා බාලදක්ෂිකා කොමසාරිස්වරිය නියෝග කළේය.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
නුවරඑලිය සිට එළවලු කිලෝ 88000ක් පිට පළාත්වලට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd