දෙසැම්බර් මාසය තුළ පමණක් පරික්ෂා කරන ලද පරිශ්‍ර 112,238කින් 16%කම මදුරුවන් බෝවිය හැකි සේ පවත්වාගෙන ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඉන් 4242කට රතු නිවේදන නිකුත්කර ඇති අතර, 939 දෙනෙකුට නඩු පවරා ඇත. පවතින කඩින්කඩ වැසි සහිත කාලගුණය හේතුවෙන් මදුරුවන් බෝවීමේ පරිසරයක් ඇතිවිය හැකි බවත්, ඒ පිළිබඳව සැලකිලිමත් වී අවට පරිසරය පිරිසුදු කිරීම වෙනුවෙන් අවධානය යොමුකරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අධ්‍යාපන අමාත්‍යංශය මගින් දෙසැම්බර් මස 30 හා 31 වන දින දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පාසල් පරික්ෂා කිරිමේ වැඩසටහනක් සංවිධානය කර ඇති අතර, උණ තත්ත්වයක් පවතීනම් ළඟම ඇති රෝහල වෙත යොමුවන ලෙසද ඉල්ලා සිටියි.