දෙවැනි හදවත් බද්ධය කළ තරුණිය මියයයි
මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ සචිනි සෙව්වන්දි (19) තරුණිය ඊයේ (30දා) දහවල් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ සැත්කමෙන් දින තුනකට පසු හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීමෙලෙස මියගොස් ඇත.
හෘද ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගයකින් පෙළුණු සචිනි පසුගිය මාර්තු මස (27දා) සිට මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇත.
මේ අතර පසුගියදා(20දා) ඇයට හදවතක් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබුණද එය වැළකී ගියේය.ඉන් අනතුරුව පසුගිය (27දා) අලුයම ඇයට හදවතක් බද්ධ කළ අතර සැත්කම සාර්ථක බව වෛද්‍යවරු තරුණියගේ පියාට පවසා තිබුණි.
පෙනහලුවල රුධිර පීඩනය වැඩිවීමෙන් හෘදය අකර්මණ්‍යවීම මරණයට හේතුව ලෙස මරණ සහතිකයේ දක්වා තිබෙන බව සෙව්වන්දිගේ පියාවන මහේෂ් කුමාර මහතා පැවසීය.
මියගිය සෙව්වන්දිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන(04දා) පස්වරු 4.00 ට අලුත්ගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


