දෙමළ ඩයස්පෝරාවේ ඉතා ප්‍රබල සාමාජිකයකු වන ගෝලීය දෙමළ සංසදයේ සභාපති එස්.ජේ. එම්මෑනුවෙල් පියතුමා හදිසියේම ඉතා රහසිගතව ශ්‍රී ලංකාවටපැමිණ තිබේ.
දැනට සතියකට පමණ පෙරමෙසේ ඔහුකොළඹට පැමිණි ඇති බවට වාර්තා වේ.
පසුගිය කාලයේ ජාත්‍යන්තර කොටිඩයස්පෝරාව සමග එක් වී ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මූලිකව ඔහු කටයුතු කලේය. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධව චෝදනා නැගූ ජාත්යන්තරරාජ්ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වන යස්මින් සූකා සමග ද ඔහු සමීපව කටයුතුකරන්නෙකි.
එම්මෑනුවෙල් පියතුමා අප්රසිද්ධියේ කොළඹට පැමිණ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ අනුග්‍රහය යටතේ බව දැනගන්නට ඇත.
රජය ළඟදී ඉදිරිපත් කිරීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දෙමළජාතික සන්ධාන ප්‍රධානීන් හා ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට ඔහු සැලසුම්කර තිබූ බවද වාර්තා විය. මේ අතර පසුගියදා ඔහු උතුරේ සරසවි සිසුන්ද මුණගැසීඇත.
යාපනයේ උපන් එම්මෑනුවල් පියතුමා දැනට වෙසෙන්නේ ජර්මනියේය. 1997 වසරේ සිටජර්මනියේ වෙසෙන ඔහු එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන්නෙකි.
දේශපාලන වාර්තාකරු (ඉරිදා දේශය ඇසුරෙනි)