ශ්‍රී ලංකාවේ නව රජය ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී වැඩ පිළිවෙල පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ චීන කොමියුනිස්ට් පක්ෂය, ඒ සඳහා චීනයේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෆෙංශියං මහතා (cheng Fengxiang) මේ බව සඳහන් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා ප්රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
අතාවුදහෙට්ටි මහතා කළ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ දූෂණ මර්ධන වැඩ පිළිවෙලට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසකට චීනයේ විශේෂඥ පුහුණුවක් ලබා දීමට ද චීන බලධාරීහු එකඟත්වය පළ කර තිබේ.