අනුරාධපුරයේ සිසුවකු විසින් ජංගම දුරකථන භාවිතා කරමින් සිදු කළ විභාග වංචාවට අදාළව සැකකාර සිසුවාගේ මෙවර විභාග අපේක්ෂකත්වය සම්පූර්ණයෙන් අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
සිද්ධිය පිළිබඳ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් සිදු කළ පරීක්ෂණ වාර්තාව අනුව ඔහුගේ විභාග අපේක්ෂකත්වය අත්හිටුවා ඇති අතර සිද්ධියට අදාළව අනුරාධපුර පොලීසිය මගින් වැඩිදුරටත් විමර්ශන කටයුතු පැවැත්වෙයි.
කොළඹදී දී පුද්ගලික අයදුම්කරුවකු විසින් ජංගම දුරකථන භාවිතා කරමින් සිදුකළ විභාග වංචාව සම්බන්ධයෙන්ට නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකු විසින් මූලික පරීක්ෂණ කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය ද පැමිණිලි කර ඇත.
මේ අතර විභාග නීති කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට හා පොලීසියට උපදෙස් ලබා දී ඇත.