ත්රිකුණාමලය නගරයේම වෙළෙඳ පොළ අසල ප්රදේශයේ අත්පත්රිකා බෙදමින් සිටි වමේ පෙරමුණේ සාමාජිකයන් පිරිසකට තර්ජනය කරමින් ඔවුන් සතුව තිබූ අත්පත්රිකා සියල්ල ත්රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබීමට විරෝධය පළ කරමින් වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා විසින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා වෙත ඊයේ (17දා) පැමිණිලි කර තිබේ.
ජනාධිපතිවරණයට අත්පත්රිකා බෙදීම තහනම් බවත්, නැවත වරක් අසුවුවහොත් සියලුදෙනා අත්අඩංගුවට ගන්නා බවත් පවසමින් ත්රිකුණමල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් තර්ජනය කල බව දුමින්ද නාගමුව මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.