හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වී මරණ දඬුවම නියම වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම් ලබන වසරේ මාර්තු මස 29 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27දා) තීරණය කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් විසින් ගොනු කළ අභියාචන පෙත්සම් සළකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු පිළිගත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.