කිලිනොච්චිය කාලි කෝවිල අසළ දුම්රිය හරස් මාර්ගයෙන් අපරික්ෂාකාරී අයුරින් ධාවනය කළ යතුරු පැදියක් යාපනය - කොළඹ දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
යාපනය සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් තිබූ දුම්රියේ මෙම යතුරුපැදි කරු ගැටී තිබේ. ඊයේ (25දා) සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ නල්ලයියා කන්නදාසන් නැමැති යාපනයේ පදිංචි 57 හැවැරිදි පුද්ගයෙකි.