උඩරට දුම්රිය මාර්ගයට ඊයේ ඉදල්ගස්හින්නේදී පස් හා ගල්කඩාවැටීම නිසා බදුල්ල සිට කොළඔ කොටුව දක්වා අද (29දා) සවස 5.55 ට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ රාත්රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
දිවා කාලයේ දුම්රිය දෙකක් බණ්ඩාරවෙල හා ඉදල්ගස්හින්න දක්වා පමණක් ධාවනය කරවූ බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
යුධ හමුදාව, පොලිසිය, ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් හා දුම්රිය සේවකයන් එක්ව දුම්රිය මගේ බාධක ඉවත් කිරීම ඊයේ සවස් වනතෙක්ම සිදුකළහ.
බදුල්ල - පාලිත ආරියවංශ