දුම්රිය වර්ජනයට සහභාගි වූ වෘත්තීය සමිති හතක සාමාජිකයන් මේ වනවිට සේවයට වාර්තා කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා පැවසීය.
ඒ අනුව දුම්රිය විදුලි සන්දේශ කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය මාර්ග හා පාලම් කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය මාර්ග හා කර්මාන්ත ශාලා කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය ගොඩනැගිලි අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගමය, දුම්රිය ධාවන බල කළමනාකරුවන්ගේ සංගමය, රේල්වේ ලොකෝමෝටිව් ඇන්ඩ් ටෙක්නිකල් ඉන්ජිනියරින් ඇසෝසියේෂන් සංගමය, ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය මෙලෙස සේවයට වාර්තා කර ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.