දුම්රිය වැඩවර්ජනය නවතා දමා සේවකයන් රාජකාරීවලට වාර්තා කළද, දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි සිදුකිරීමට පැය කිහිපයක් ගතවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහෙත් කොටුවෙන් හා මරදානෙන් පිටත්වන කාර්යාල දුම්රියවලින් අති බහුතර ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකියාව ලැබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය.
වර්ජනය සිදුකළ කාලය තුළදී දෛනිකව දුම්රිය මාර්ග පරීක්ෂා නොකළ සියලුම දුම්රිය මාර්ගවල තත්ත්වයන් පරීක්ෂා කිරීමට විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවීම යන කාරණා හේතුවෙන් කෙටි කාලයක් තුළ දුම්රිය සේවාව යථා තත්ත්වය පත්කිරීමට නොහැකි වී ඇත.
සතියක කාලයක් දුම්රිය වැඩවර්ජනයක් සිදුකිරීම නිසා මේ වසරේදී සිදුවිය හැකි පාඩුව සුළු ප්‍රමාණයකින් අඩුවන බවද දෙපාර්තමේන්තු නිලධාරියෙකු සඳහන් කළේය.
වසරකට සති 52ක් පුරා දුම්රිය ධාවනය කිරීම නිසා මිලියන 6000කට අධික පාඩුවක් දෙපාර්තමේන්තුවට සිදුවන අතර, වර්ජනය සතියක කාලයක් පැවතීම නිසා එක් සතියක වියදම විශාල ලෙස අඩුවී තිබෙන බවද එම නිලධාරීහු පවසා සිටියහ.