තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් තම සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසයි.
දුම්රිය රියදුරු සහායකවරුන් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කරන ලෙස බල කරමින් දුම්රිය රියදුරෝ ඊයේ (11) පස්වරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළහ. මේ සඳහා දුම්රිය නියාමකවරුන්ද එක්ව සිටිති.