දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීමට පත්කළ කැබිනට් අනුකමිටුව හෙට (13දා) විශේෂ රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවලට ආරාධනා කර තිබෙන අතර, එම සාකච්ඡාව උදෑසන 9.30ට පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවට සහභාගි වීමට සූදානමින් සිටින බවත්, එහෙත් වර්ජනය නවතා දමන්නේ සාකච්ඡාවලින් ඉල්ලීම් ලැබුණොත් පමණක් බවද දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.