සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද (19දා) උදෑසන දුම්රිය ගමනාගමනය අඩාලව පැවතියද මේ වනවිට සියල්ල යථා තත්ත්වයට පත්ව ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.කේ රත්නාය මහතා %අද^ ට පැවසීය. සවස් කාලයේ බාධාවකින් තොරව නියමිත දුම්රිය වේලාවන් වලදී ගමන්ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
කළුතරදී හා නානුඔයදී දුම්රිය මැදිරි දෙකක් පීලි පැන තිබුණද මේ වනවිට එයද යථා තත්ත්වයට පත්ව ඇති බවද හෙතෙම පැවසීය.