වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට පත්කළ කමිටුවෙන් කඩිනමින් විසඳුම් ලබාදීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලය විසින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබෙන බවත් අද(12දා) පැවති මාධ්‍ය සාකඡාවේදී ඔහු මේ බව පවසා සිටියේය.
මෙම කමිටුවෙන් විසඳුම් ලබාදෙන තෙක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ගැන සිතා වර්ජනය නවතා දමා සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.