රට පුරා ඉන්ධන බෙදා හැරීමට දුම්රිය වැඩි වශයෙන් යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මධ්‍ය පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
බවුසර් රථවලින් ඉන්ධන බෙදා හැරීමට වඩා එය වඩාත් ලාභදායි බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.
ප්‍රාදේශීය ඉන්ධන ගබඩා සංකීර්ණ පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් එහි පළමු පියවර යටතේ මහනුවර පේරාදෙණිය ඉන්ධන ගබඩා සංකීර්ණය පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවද පැවසීය
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ටැංකිවලට වඩා දුම්රියෙන් නුවරට තෙල් ගෙන ආවොත් ඛනිජ තෙල් සංස්ථාවට විශාල ලාභයක් ලබා ගැනීමට හැකි වෙනවා. එක් පැත්තකින් බැලූ විට ඛනිජ තෙල් සංස්ථාවෙන් ලාභ ලැබීම අපහසු කටයුත්තක්. මොකද අපි ජනතාවට බොහෝ සහන ලබා දෙනවා. ඒ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීමට පළමුව අපි උත්සාහ කරනවා.
දැනටමත් අපි ඛනිජ තෙල් සංස්ථාවේ වියදම බොහෝ දුරට අඩු කිරීමට සමත්ව සිටිනවා. දැන් අපි ඇමතිවරයාගේ සිට සභාපතිගේ ඉඳලා සියලුම අනවශ්‍ය වියදම් කපා හැර තිබෙනවා. ඇත්තටම මේ ආයතනය බේර ගන්න ඕන නම් එහි වැඩි වගකීමක් සේවකයන්ට පැවරෙනවා.” යැයි ද පවසා සිටියේය.