අවස්ථා දෙකකදී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. වාද්දූව තලපත් පිටියේදී දුම්රිය මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් තිදෙනෙකු කොළඹ සිට දකුණු කලුතර බලා ධාවනය වූ දුම්රියේ පුද්ගලයන් තිදෙනෙකු ගැටී ඇත.
තුවාල ලැබූවන් පානදුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව දෙදෙනෙකු මිය ගොස් ඇත. කැළණිය දුම්රිය ස්ථානය අසළදී නුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටිමෙන් එක් අයෙකු මියගොස් තිබේ. මෙම අනතුරු දෙකම ඊයේ (18දා) සිදුව ඇත.