දුම්රියට ගල් මුල්වලින් පහරදෙන පුද්ගලයන් හා පහරදීමට සැලසුම් කරන පුද්ගලයන් පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදෙන ලෙස දුම්රිය ආරක්ෂක හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව පසුගිය 03 වැනිදා කොළඹ කොටුවේ සිට වවුනියාව දක්වා ධාවනය කළ දුම්රියට ඔරුගොඩවත්තේදී බෝතලයකින් පහරදුන් පුද්ගලයන් පිළිබඳ සොයා ගැනීමට ජනතා සහාය අවශ්‍ය වී තිබෙන බවද දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.
මෙම පහරදීම නිසා දුම්රිය මගියෙකු මියගිය බවත්, එම සිද්ධිය හා වෙනත් ගල්මුල්වලින් පහරදීම පිළිබඳ තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවත් ඔහු පවසා සිටියේය.
මෙවැනි සිදුවීම් පිළිබඳව 0714 405 720 දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකි බවද දුම්රිය ආරක්ෂක අධිකාරීවරයා සඳහන් කළේය.