දුම්කොළ සමාගම්වලට එෙරහි අණපනත් ගෙනඒමේදී බලපෑම් එල්ලවුණා
ඖෂධ ජාවාරම් සහ කෘෂි රසායන හා දුම්කොළ සමාගම් සම්බන්ධයෙන් ඊට එරෙහි අණපනත් ගෙනඒමට කටයුතු කිරීමේදී තමන්ට මෙන්ම ඊට සහාය වූ දේශපාලඥයන් කිහිප දෙනෙකුට රජ පවුලේ යුවරජ කෙනෙකුගේ බලපෑම් නිරන්තරයෙන් එල්ල වූ බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
කොළඹ මහවැලි කෙන්ද්‍ර‘යේදී ඊයේ (15දා) දින ජාතික පරිසර සංවිධාන එකමුතුව සංවිධානය කර තිබූ 'පොදුජන පරිසර සම්මුතිය' පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව කියා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එක් පුද්ගලයෙකුගේ බලපෑම හේතුවෙන් ජනතාවාදී තීන්දු ගැනීමේ අවස්ථා රැසක් අහිමි වී ගිය බවයි.
තමා පරිසර ඇමතිවරයාව සිටි කාලවකවානුව තුළ පොලිතීන් තහනම් කිරීමේ ගැසට් නිවේදනය මෙන්ම ටූ ස්ට්‍රෝක් ත්‍රිරෝද රථ සඳහා සීමා ගෙනඒමට හැකි වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි සමයේ මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘති ක්‍රියාත්මක වූ ප්‍ර‘දේශ ආශ්‍රිතව මැණික් ගැරීම සඳහා කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇතැම් මහජන නියෝජිතයන් කැබ්නට් යෝජනා ගෙන ආ බව පෙන්වාදුන් මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් ඊට තරයේම විරුද්ධත්වය ප්‍රකාශ කළ බවද මෙහිදී පැවසීය.
මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘති ආශ්‍රිතව වත්මන් රජයේ දේශපාලඥයන් අක්කර 25 ට වැඩි භූමි අත්පත් කරගනිමින් මැණික් ජාවාරම් සිදුකරමින් ඇතැයි පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර විරෝධී ක්‍රියාකාරකම්වලට තමන් මුල සිටම එකඟ නොවූ බවද අවධාරණය කළේය. තම රජයක් යටතේ සිදුකරන සංවර්ධන ක්‍රියාදාමයන්හිදී ජාතික පරිසර සංවිධාන එකමුතුව උපදේශක මණ්ඩලයක් ලෙස තබාගන්නා බවටද ඒ මහතා ප්‍රතිඥාවක් ලබාදුන්නේය.
මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ, පරිසර හිතකාමී ස්ථාවරයක හිඳිමින් සංවර්ධන ක්‍රියාදාමය දියත් කිරීම සම්බන්ධ ස්ථාවරයක සන්ධාන රජයේ නායකයන් නොමැති බවයි. පවතින දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් තමන් වහන්සේ කලකිරීමෙන් සිටින බවද සඳහන් කළ උන්වහන්සේ වනගත වීමට තරම් එම කලකිරීම් බරපතළ බවද පෙන්වා දුන්හ.
වත්මන් රජයේ පොහොර සහනාධාරය මගින් පරිසරයට හානි කරන විෂ පෝර ව්‍යාප්තිය වැඩි වී වකුගඩු ඇතුළු රෝගාබාධවලට රටවැසියන් ගොදුරුව සිටියද, එම පොහොර සහනාධාරයේ ඇති අනර්ථකාරී බව පෙන්වාදීමට පරිසර සංවිධාන හෝ මහජන නියෝජිතයන් අසමත් වූ බවද උන්වහන්සේ පැවසූහ.
අනාගතයේ මෙරට ගොඩනැගෙන ස්වාධීන නායකත්වයක් තුළින් ආසියාවට සහ ලෝකයටද ආදර්ශයක් ගත හැකි වන පරිදි සංවර්ධන ක්‍රියාදාමයන් පරිසර හිතකාමී ස්ථාවරයක හිඳිමින් දියත්කළ යුතු බවද උන්වහන්සේ කීහ.
ජාතික පරිසර සංවිධාන එකමුතුව වෙනුවෙන් අදහස් පළකළ පරිසර සංරක්ෂණ භාරයේ විධායක අධ්යක්ෂ සජීව චාමිකර මහතා කියා සිටියේ වත්මන් රජයේ වසර දහයක කාලසීමාව තුළ මෙරට පරිසර පද්ධතියට බරපතළ විනාශයක් සිදු වූ බවයි. අලියාගේ සිට කටුස්සා දක්වා සතුන්ට ජීවත්වීමේ අයිතිය අහිමිවෙමින් එම සතුන් ගෘහාශ්‍රිත සතුන් බවට පත්වෙමින් ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මත්තල, හම්බන්තොට වරාය, යාන්ඔය, උමා ඔය ආදී ප්‍ර‘දේශවල සංවර්ධන ක්‍රියාදාමයන්හිදී කිසිදු ආකාරයක පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තාවකට හෝ පරිසරවේදීන්ගේ මතවලට ඉඩක් නොලැබුණු බව සඳහන් කළ ඒ මහතා සංවර්ධන ක්‍රියාදාමයන්ට මුවා වී මෙරට බරපතළ පරිසර විනාශයක් සිදුවෙමින් ඇතැයිද කීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

