දුම්කොළ නිවාරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩසටහන වෙනුවෙන් බ්‍රිතාන්‍යයෙන් මූල්‍ය සහාය ලබාදෙන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (28දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළ ඒ මහතා, බ්‍රිතාන්‍ය විසින් පවුම් මිලියන 15 ක මුදලක් මේ සඳහා ලබාදීමට නියමිත බවද සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෙන යන FCTC දුම්කොළ නිවාරණ ව්‍යාපෘතියට රටවල් 16ක් අයදුම් කළ බවත්, ඉන් 15ක් තෝරාගෙන මෙම වැඩසටහන ගෙන යන බවත් ඔහු පැවසීය.
දුම්කොළ නිවාරණය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ප්‍රසංශනීය බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.