එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කලාවැව ආසන සංවිධායකකමින් හා අනුරාධපුර දිස්ත්‍රික් නායක ධුරයෙන් ඉවත් කිරීම මෙතෙක් තමන්ට දැනුම්දී නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, අද (15 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදීවැඩිදුරටත් දහස් දැක්වූ ඒ මහතා "පසුගිය කාලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මනාප 112,066 ක් අරගෙන දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වුණා. පසුව හොඳම සංවිධායක ලෙසද තේරුණා. දිස්ත්‍රික්කයේ ආසන 07 ක්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවීමට කටයුතු කළා.
නමුත් කලා වැව ආසන සංවිධායක හා අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වයෙන් මා ඉවත් කර ඇති බවට ආරංචි මාර්ගවල සඳහන් වෙනවා. නමුත් මට ඒ පිළිබඳ කිසිදු ආකාරයකින් දන්වා නැහැ. මෙවැනි තීන්දු තීරණ ගන්නා පුද්ගලයන්ට කීමට ඇත්තේ එක් ප්‍රධාන කරුණකි. මහින්ද දිනවීමේ ක්‍රියාවලියේදී මා අනුරාධපුර දිස්ත්‍රික් නායක, කණ්ඩායම් නායක හා කලා වැව ආසන සංවිධායක යන ධුරවල නිරතුරුව කටයුතු කරනවා" යැයි පවසා සිටියේය.