බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (08දා) සඳහන් කළේය.
මේ අතර සෙසු පළාත්වලත්, විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වලත්, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් වැසි සමග අකුණු සහ තද සුළං ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.