දිවයිනේ බොහෝ ස්ථානයන්ට අද තද වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට අද (30දා) විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට පස්වරු 02.00 පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
කළුතර, රත්නපුර, කෑගල්ල, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අවිස්සාවේල්ල ප්‍රදේශයේත් මි.මී. 50ක් පමණ වූ තද වැසි ඇති විය හැකි බවද දකුණු පළාතේ උඩවලව, වැල්ලවාය, ප්‍රදේශවල විටින් විට සුළං පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
විශේෂයෙන් වැසි ඇතිවන ප්‍රදේශවල අකුණු සහ තද සුළං ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

