බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වල අද (21දා) වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මිට අමතරව මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 02.00 පසු ගිගුරුම් වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු - මැද පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මීත 40 – 50 අතර තරමක් තද සුළං ඇති විය හැකිය.
විශේෂයෙන් වැසි ඇතිවන ප්‍රදේශවලත් වැසි සමග තද සුළං සහ අකුණු ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.