දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බවත්, අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකූණට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අගෝස්තූ මස 28 දින සිට සැප්තැම්බර් 07 දින දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින අතර, අද (06දා) දහවල් 12.09 ට, බේරුවල උඩවලවේ, කිතුල්කොටේ සහ මුදුවෙලි පොකුණ යන නගර වලට හිරු මුදුන්ව පවතින බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ උතුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වන බව පවසයි.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වන බවත්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළං වේගය විටින් විට පැ.කි.මී. 70 පමණ දක්වා ඉහළ යා හැකි බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.