සමස්ථ දිවයිනටම විදුලිය විසන්දිවීමක් මේ වනවිට සිදුවී ඇතැයි වාර්තා වේ. මීට විනාඩි 30කට පමණ පෙර (2015-09-27/ ප.ව. 11.45) මෙම විදුලිය විසන්දිවීම සිදුවූ ඇති අතර, තවමත් එය යථා තත්ත්වයට පත්ව නොමැත. මේ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමකදී ත්රිකුණාමලය, දොම්පෙ, පේරාදෙණිය, දෙහිඕවිට, හික්කඩුව, ජැඇල, හලාවත වැනි දිවයිනේ බොහෝ ප්රදේශයන්හි මේ වනවිට විදුලිය විසන්දි වී ඇත.