නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29දා) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බේරාගැනීමට සමත් වී ඇත.
කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම පුද්ගලයන් දෙදෙනා දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර, ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීමෙන් අනතුරුව ගොඩබිම වෙත රැගෙන එමට එම නාවිකයන් කටයුතු කරන ලදී.