හම්බන්තොට, මත්තල ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඊයේ (19දා) පැවැති යුද හමුදාවේ 'දියකාවා' පුහුණු අභ්‍යාස මෙහෙයුමක් අතරතුරදී සෙබළෙක් තුවාල ලබා තිබේ.
මෙම සෙබළා ගොඩනැගිල්ලක සිට කඹයක් ආධාරයෙන් බිමට බසිමින් සිටියදී ඇද වැටීමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත.
අනතුරින් තුවාල ලැබූ ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ගත කොට සිටින හමුදා සෙබළාගේ තත්ත්වය බරපතළ නොවන බව හම්න්තොට රෝහල් ආරංචි මාර්ග පවසයි.