ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කරන ඒකාබද්ධ යුද අභ්‍යාසය වන දියකාවා පස්වැනි අදියරට චීනයේ ආරක්ෂක අංශ සාමාජිකයන් 10ක් සම්බන්ධ වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
චීනයේ රජයේ කොමිෂන්ලත් නිලධාරීන් හත්දෙනෙකු හා කොමිෂන් නොලත් නිලධාරීහු තිදෙනෙක් ඊයේ (07දා) දිවයිනට පැමිණ දියකාවා මෙහෙයුමට එක් වූහ. පසුගිය දෙවැනිදා ත්‍රිකුණාමලයේදී මෙම අභ්‍යාසය එළඹෙන 26දා තෙක් පැවැත්වෙයි.