දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නංවන්න - ජනපති
2018-2037 කාල පරාසය සඳහා පිළියෙල කරන ලද දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නැංවීමට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත උපදෙස් දී ඇත.
දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳ අද (25දා)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.
මෙරට ඉදිරි විදුලිබල අවශ්‍යතාව සපුරාලීම සඳහා 2018 වසරේ සිට 2037 දක්වා කාල පරාසය තුළ ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.
අදාළ සැලැස්ම ක්‍රියාවට නැංවීම පිළිබඳ ගැටලු ඇත්නම් සාකච්ඡා කර, පවතින බාධා ඉවත් කර ගනිමින් මෙම කටයුතු කඩිනම් කරගැනීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට අවධාරණය කළේය.
මහජනතාවගේ ගැටලුවලදී ඔවුන් පීඩාවට පත්වීමට ඉඩ නොතබා මානුෂීය තීන්දු තීරණවලට එළඹීම අත්‍යවශ්‍ය බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළ්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


