බාල වයස්කාර දැරියක් මවුපිය භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා අපයෝජනය කිරීම යන චෝදනාවලට වරදකරු වූ උතුරු කළුතර පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට බරපතළ වැඩ සහිත වසර 19 ක සිරදඬුවමක් නියම කිරීමට අද (27දා)කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියෝග කළේය.
අදාළ දඬුවම නියම කෙරුණේ උතුරු කළුතර පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක හැරල්ඩ් රෙක්ස් ජැක්සන් නමැත්තාටය. ඊට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසද ඔහුට නියම කෙරිණි.
2008 වසරේ ජුනි මස 23 හෝ ඊට ආසන්න දිනයක කළුතරදී වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර දැරියක මාපිය භාරකාරත්වයෙන් අපහරණය කරන ලදැයි කියමින් නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව නඩු පවරා තිබිණි.
පළමු චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවමක්ද,වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක්ද ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා මෙම වන්දි මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩසහිත තවත් වසර 02ක සිරදඬුවමක්ද නියම කළේය.
දෙවැනි චෝදනාවට වසර 07ක සිර දඬුවමක් හා රුපියල් විසිදහසකදඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් වසරක සැහැල්ලු වැඩසහිත සිර දඬුවමක් නියම කළේය.
කළුතර සුනිල් එස්. තන්ත්රිආරච්චි